<?xml version="1.0" encoding="utf-8"?>
<document>

තොප්පිය

තොප්පිය හිස් ආවරණයක් වන අතර, විවිධ හේතු නිසා තොප්පි පලඳි. ඒ අතර මුලිකාංග ආරක්ෂාව, උත්සවාකාර හේතු, ආගමික හේතු, ආරක්ෂාව, හෝ විලාසිතා ආයිත්තමක්[1] ලෙසද යොදාගනී. අතීතයේදී තොප්පි, සමාජ තත්වය[2] පෙන්වන දර්ශකයක් විය. හමුදාවේදී තොප්පි ජාතිකත්වය, ශාඛා සේවාව, තනතුරු සහ/හෝ රෙජිමේන්තු[3] පිලිබිඹු කිරීම වෙනුවෙන් භාවිතා කර ඇත. පොලිසිය සාමාන්යයෙන් සුවිශේෂී තොප්පි පලඳි. ඒවා නම් පීක් තොප්පි හෝ ක්වාන් තොප්පි වේ. අතීතයේදී රාජකීය කැනේඩියානු පොලිසිය මේ තොප්පි පැළඳ ඇත. සමහර තොප්පි ආරක්ෂක ක්රියාවන්ට උපකාරී වේ. උදාහරණයක් ලෙස තද තොප්පි ඉදිකිරීම් කම්කරුවන්ගේ හිස් මතට, වස්තූන් පතිතවීමෙන් සිදුවන තුවාල වලින් ආරක්ෂා කරන අතර, බ්රිතාන්ය පොලීස් ආරක්ෂකයාගේ හිස් ආවරණය, ඔහුගේ හිස ආරක්ෂා කරයි. හිරු තොප්පි, හිරුගෙන් මුහුණ හා උරහිස් ආවරණය කරන අතර කව් බෝයි තොප්පි, හිරු රශ්මියෙන් හා වැස්සෙන් ආරක්ෂා කරයි. කණෙන් පහළට-ෆ්ලැප් සමග ඇති Ushanka ලොම් තොප්පියකින් හිස හා කන් උණුසුම් කරයි.

සමහර තොප්පි චාරිත්රානුකූල අරමුණු සඳහා පළඳී. ප්රති මණ්ඩලය එවන් තොප්පියකි. එය විශ්වවිද්යල උපාධි උත්සව අතරතුර පැළඳ ඇත. ඇතැම් තොප්පි සමහර වෘත්තියයන් වල සාමාජිකයන් විසින් පළඳියි. සූපවේදීන් විසින් පළඳින Toque එයට උදාහරණයක් වේ. එපමණක් නොව සමහර තොප්පි ආගමික කෘත්යයන් ඉටුකෙරේ. පාරිදර්ශක මකූටය බිෂොප් ව්සින් පළඳින අතර සීක් ජාතිකයන් විසින් පළඳින හිස්වැස්ම තලප්පාව නම් වේ .

ඉතිහාසය[සංස්කරණය]

ක්රි.පූ 3000 පෙර තොප්පි පිලිබඳ බොහෝ නිල වාර්තා නොමැති වුනත් ,ඔවුන් සමහරවිට මීට පෙර සිටම බොහෝ ප්රකට වී තිබෙන්නට ඇත.[citation needed] පුරාවිද්යාඥයන්[which?] සිතන අන්දමට වසර 26,000 පමණ පැරණි Venus of Brassempouy යෙන් විස්තර වන්නේ තොප්පියකි.මුලින්ම හඳුනා ගත් තොප්පි අතරින්,ලෝකඩ යුගයේ මිනිසා ඒවා පැළඳි බව තහවුරු කරගෙන ඇත.(විකට නම Ötzi) ඔහුගේ මිදුන සිරුර (තොප්පිය ද ඇතුළුව)ඔස්ට්රියාව හා ඉතාලිය අතර තිබී හමුවී ඇත.ඔහු ක්රි.පූ .3,300 ක් පමණ කාලයේ වෙසෙන්න ඇතැයි විශ්වාස කෙරේ.[citation needed] ඔහු හමුවී ඇත්තේ නිකට පටිය සමඟ වලස් හමෙන් සැදු කැප් එකක් සමගයි.එය හම් කීපයක් එකට මසා නිමවා ඇති අතර එය එල්ලා නොවැටෙන රුසියානු ලොම් තොප්පියක් මතකයට නංවයි. .[citation needed]

තොප්පියක් පළමු වරට චිත්රාත්මකව නිරූපණය කල ඇත්තේ සොහොන් සිතුවමකයි.එය Thebes, Egypt නම් වේ. එහි ක්රිස්තුපූර්ව 3200 ක් පමණ දක්වා පුරාණ කේතුකාකාර පිදුරු තොප්පිය හැඳ සිටි මිනිසෙක් පෙන්නුම් කරයි. පොදුවේ පැරණි ඊජිප්තුවන් තොප්පි පලඳා ඇත.බොහෝ ඉහළ පන්තියේ මිසරයෝ ඔවුන්ගේ හිස මුඩු කර හිස් පළඳනාවෙන් එය ආවරණය කලහ. මෙහි අරමුන වී ඇත්තේ ඔවුන්ගේ සිසිලස පවත්වා ගැනීමයි. පුරාණ මෙසපොතේමියන්වරු බොහෝ විට කේතුකාකාර තොප්පි හෝ තරමක් යටිකුරු බඳුනක හැඩයට සමාන හැඩ ඇති තොප්පි පැලන්දෝහ.

අනෙක් ආදීකාල තොප්පි අතරින් Pileus තොප්පිය හිස් කබලක් වැනි සරල තොප්පියකි; Phrygian කැප්, ග්රීසිය හා රෝමය නිදහස් වහලුන් විසින් පැළඳි අතර (ඇමරිකාවේ විප්ලවවාදී යුද්ධය හා ප්රංශ විප්ලවය අතරතුරේදී කැපී පෙනුන අංගයක් බවට පත් විය, රාජාණ්ඩුවට එරෙහිව නිදහස සඳහා අරගලයේ සංකේතයක් ලෙස භාවිතා කළහ ); ග්රීක petasos, ගැටියක් සහිත පළමු තොප්පිය ලෙස ප්රකටය.කාන්තාවන් හිස්වැස්ම, හුඩ්, කැප්, හා මධ්යය කාලයේ හිස්වැසුම් අඳිනු ලැබුනි.

Otzi මෙන්, Tollund මිනිසාද තොප්පියත් සමග අද දක්වා සංරක්ෂණය කර ඇත. බොහෝ විට ක්රි.පූ 400 ක් පමණ කාලයේදී ඩෙන්මාර්ක් හෙලේ ඔහු මිය ගොස් ඇති අතර එම සිරුරත් බෙහෙත් ගලවා සංරක්ෂණය කොට තිබේ. .ඔහු බැටළු ලොම් හා ලොම් වලින් නිමවූ උල් තොප්පි ඇඳ සිටින අතර එය හම් පටියකින් නිකටට බැඳ ඇත.[citation needed]

Clement,ලොම් වලින් තොප්පි නිෂ්පාදනය කරන්නන්ගේ අනුශාසක දෙව්දත්,තහඩු ලෝම භාවිතය මුල්වරට යොදාගත් අතර ඔහු පාද ආරක්ෂාකර ගැනීමට හන තන්තු, පාවහන් සැදීමේදී යොදාගත්හ. (ක්රි.ව800 ).[4]

මධ්යකාලීන යුගයේදී, තොප්පි, සමාජ තත්වය පිළිබඳ මිනුමක් වූ අතර යම් යම් නිශ්චිත කණ්ඩායම් වෙන් වෙන්ව තෝරා ගැනීමට භාවිතා කළේය.1215 හතරවන ලැටරන් සභාව සියලු යුදෙව්වන් තමන්ම හඳුනා ගැනීමට Judenhat පැළඳීය. (“යුදෙව් තොප්පිය”), ඒ මගින් ඔවුන්ව යුදෙව් විරෝධය සඳහා ඉලක්ක ලෙස සනිටුහන් කරගැනීමට හැකිවිය .[5] මෙම තොප්පි සාමාන්යයෙන් කහ පාට වු අතර උල් හෝ සමහතරැස් හෝ විය..[6]

මධ්යතන යුගයේ දී, කාන්තාවන් සඳහා තොප්පි සරල ස්කාෆ් එකේ සිට කේතු හැඩති හිස පළඳනාවක් [7] දක්වා පරාසයක විහිදුනි. එපමණක් නොව මෙය සමාජ තත්ත්වය නිරූපණය කිරීමට යොදා ගැනුනි. පිරිමි රාජ සභිකයන්ගේ තොප්පි වලට සමාන වූ තොප්පි වර්ගයක් වන ව්යුහගත තොප්පි ,16 වන සියවසේ අග භාගයේ දී කාන්තාවන් ව්සින් පැළදීය. [8] 'කාන්තා ඇඳුම් සාදන්නා(milliner)' යන වචනය ඉතාලියේ නගරයක් වන මිලාන් වලින් පැවත එන්නකි. 18 වන සියවසේදී හොඳම තත්ත්වයේ තොප්පි දී නිපදවූ ස්ථානය මෙය වේ. සම්ප්රදායික කාන්තාවකගේ වෘත්තිය තොප්පි නිර්මාණය හා විකිණීමයි.මෙහිදී තොප්පි හා නිකට ආවරණය නිර්මාණයට අමතරව තොප්පිය සම්පුර්ණ කිරීමට ලේස් තේරීම,හැඩ ඇල්ලීම සහ උපාංග තේරීමත් අයත් වේ.එය සම්පුරණ කට්ටලයි [9]

19 වන සියවසේ මුල් භාගයේ දී, කාන්තාවන්ගේ තොප්පි නිකට ආවරණය ක්රමයෙන් විශාල වන ලෙස නිර්මාණය කල අතර ඒවා රිබන්, මල්, පිහාටු හා දැල් රෙදි වලින් සරසා තිබුනි. මේ සියවසේ අවසන් වන විට, තවත් බොහෝ විලාසිතා හඳුන්වා දෙන ලදී , ඒ අතර පුළුල් වාටිය ඇති තොප්පි හා පැතලි මුදුන,මල් බඳුන සහ කාන්තාවන්ගේ හිස් වැසුම ප්රදාන වේ.1920 මැද භාගය වන විට, කාන්තාවන් කොණ්ඩය කෙටි කිරීම නිසා තොප්පිය, ඔවුන් ආදේශක කරගැනුනේ හිස් ආවරණයටයි.[8]

තුරඟ තරඟ වලදී තොප්පි පැළඳීමේ සම්ප්රදාය බ්රිතාන්යයේ රාජකීය ඇස්කොට් තුරඟ තරඟ උත්සවයෙන් ආරම්භ වී ඇත. නියමිත ඇඳුම එහිදී පලඳිය යුතු අතර වන ඒ සඳහා දැඩි අවධානායක යොමු කරයි.රාජකීය කුටිය තුල සිටින සියලුම අමුත්තන් පැළඳිය යුතුයි තොප්පි.[10] මෙම සම්ප්රදාය අනෙකුත් තුරඟ තරඟ වලදීද සම්මත කර ගන්නා ලදී.උදාහරණයක් වන්නේ කෙන්ටකි ඩර්බි එක්සත් ජනපදයයි.[11]

1980 දී ප්රමානයෙන් ඉතා විශාල තොප්පි ජනප්රිය වූ අතර, 21 වන සියවසේ මුල් භාගයේ දී, චිත්තාකර්ෂණීය තොප්පි නැවත ප්රචලිත විය.තරඟකාරී තරුණ තොප්පි නිරමාණකරුවන්ගේ නව රැල්ලත් සමග, ඇස්බැන්ඳුම් ඇති ලෝම් තොප්පිද මිනිස් කෙස් වලින් කල උසැති ශිරස්ත්රාණ තොප්පිද ප්රධාන විය. සමහර අලුත් තොප්පි එකතූන් පැළඳිය හැකි මූර්ති ලෙස විස්තර කර ඇත.බොහෝ පොප් තරු ලේඩි ගගා ,ප්රසිද්දවීමට තොප්පි සූත්තරයක් ලෙස යොදාගෙන ඇත.[12]

ප්රසිද්ධ තොප්පි සාදන්නනනෝ[සංස්කරණය]

වඩාත් ප්රසිද්ධ ලන්ඩනයේ තොප්පි සාදන්නන් වන්නේ ශාන්ත ජේම්ස් වීදිය ජේම්ස් ලොක් සහ සමාගම වේ.[13]මෙම වෙළෙඳ සැල් ලොව පැරණිම තොප්පියක් සාප්පුවයි.[14] ෂාප් සහ ඩේවිස් 6 ෆිෂ් ස්ට්රීට් හිල් [15] 20 වන සියවසේ අග භාගයේ දී, ලන්ඩනයේ සිටි ඩේවිඩ් සිලිං,තොප්පි ලොව පුරා නැවත හඳුන්වා දීම නිසා කෞතුකාගාර කීර්තියට පත් වුනා.ප්රසිද්ධ බෙල්ජියානු තොප්පි නිර්මාණකරුවන් වන එල්විස් පොම්පිලෝ හා ෆබිඑන් ඩෙල්ව්ගන් ( රාජකීය වරෙන්තුවක් ඇති පත් වීමකි ) යුරෝපීය රාජකීයන්ගේ[16] තොප්පි නිර්මාණය කලහ.
Philip Treacy OBE යනු සම්මානලාභී අයර්ලන්ත ජාතික තොප්පි නිර්මාණකරුවෙක් වන අතර ඔහුගේ නිර්මාණ නිල වශයෙන් පිළිගැනීමට ලක්විය. ඒවා රාජකීය විවාහ උත්සව සදහාද පැළඳය.[17]උතුරු ඇමරිකාවේ සුප්රසිද්ධ කව්බෝයි - තොප්පි නිෂ්පාදකයන් වන Stetson රාජකීය කැනේඩියානු පොලිසිය සහ ටෙක්සාස් රේන්ජර්ස් සඳහා හිස් ආවරණ නිපදවිය .[18] John Cavanagh යනු ඇමරිකාවේ පිළිගැනීමට ලක්වූ තොප්පි නිරමනකරුවෙකි එකක් විය. ඉතාලි තොප්පියක් නිෂ්පාදක Borsalino විසින් හොලිවුඩ් තරු සහ ලෝකයේ ධනවත් හා ප්රසිද්ධ පුද්ගලයන් වෙනුවෙන් හිස් ආවරණය නිර්මාණය කර ඇත.[19]

තොප්පි එකතුවන්[සංස්කරණය]

පිලිප්පි එකතුව යනු අගමනුකුල හිස් ආවරණ එකතුවකි, මෙම එකතුව ජර්මානු ව්යවසායකයෙකු වන Dieter Philippi විසින් Kirkel ප්රදේශයේ පිහිටවා ඇත. මෙම එකතුවට තොප්පි 500 කට අධික සංකයවක් අඩංගු අතර මෙය දැනට ලෝකයේ පවතින විශාලතම ලියාපදිංචි පැවිදි හා ආගමික හිස ආවරණ එකතුයි. [20]

Styles[සංස්කරණය]

තොප්පි පිලිබඳ පොදු සහ රූපමය කෙටි ලැයිස්තුවක් උදාහරණ සමග පහත දැක්වේ. මෙහි දීර්ඝ පිටපතක් තොප්පි විලාසිතා ලැයිස්තුවේ දක්වා ඇත..

තොප්පියේ ප්රමාණය[සංස්කරණය]

තොප්පියේ ප්රමාණය ගැනීමට පුද්ගලයාගේ කණට 1 සෙන්ටිමීටර්(1/2 අඟල් ) ඉහලින් ඔහුගේ හිසේ වට ප්රමාණය මැනිය යුතුයි.නිෂ්පාදකයා අනුව අඟල් හෝ සෙන්ටිමීටර භාවිතා කල හැක.තහඩු ලෝම අභිරුචි ලෙස මසා ගත හැකසමහර ඝන තොප්පි හා බේස්බෝල් කැප් සීරුමාරු කළ හැකි අතර මිල අඩු තොප්පි "සම්මත ප්රමාණ" වලින් එයි. උදාහරනයක් ලෙස කුඩා, මධ්යම, විශාල, මහා පරිමාණ දැක්විය හැක. මුනුම් ගත් ප්රමාණය සිට විවිධ සම්මත ප්රමාණ සිතියම් කිරීමේදී එය සාදන්නගෙන් සාදන්නාටත් ත ,විලාසිතාවෙන් විලසිතාවටත් අනුව වෙනස් වේ.පහත නාමාවලිය අධ්යනයෙන් එය පසක් වේ Hammacher-Schlemmer.[24]

සම්ප්රදායික තොප්පියක ප්රමාණය ගන්නේ ඉදිරි ,පිටුපස හා පැත්තෙන් මිනුම් අඟල් වලින් ගෙන දෙකෙන් බෙදීමෙනි . එක්සත් රාජධානියේ දී, තොප්පියක ප්රමාණය එක්සත් ජනපදයේ ඊට සමාන තොප්පියකින් අඟලකින් අටෙන් එකක් පමණ කුඩා වේ.

References[සංස්කරණය]

- ↑ Pauline Thomas (2007-09-08). "The Wearing of Hats Fashion History".
Fashion-era.com. සම්ප්රවේශය 2011-07-02.

- ↑ "The social meanings of hats".
Press.uchicago.edu. සම්ප්රවේශය 2011-07-02.

- ↑ "Insignia:The Way You Tell Who's Who in the Military".
Defense.gov. සම්ප්රවේශය 2011-07-02.

- ↑ "History of Hats".
Hatsandcaps.co.uk. සම්ප්රවේශය 2011-07-02.

- ↑ Waldman, Katy (2013-10-17). "The history of the witch's hat".
Slate.com. සම්ප්රවේශය 2014-03-26.

- ↑ Johnston, Ruth A. (2011).
All Things Medieval: An Encyclopedia of the Medieval World.
ABC-CLIO. සම්ප්රවේශය 2014-03-26.