<?xml version="1.0" encoding="utf-8"?>
<document>

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

පහුගිය අවුරුද්ද අපි හැමෝගෙම ජීවිත වල වෙනදට වඩා වෙනසක් ඇති කළ බැව් මගේ අදහසයි. රටේ පරිපාලනය සම්බන්ධ දේ මෙන්ම අනෙක් බොහෝ දේ සම්බන්ධවත් සිදුවූ විවිධ වෙනස්කම් ඊට හේතු වෙන්නැති.

අපි බොහෝ දෙනෙක්ට විවිධ ආකාරයෙන් සුභ පැතීමු. සුභ පැතුම් ගැන කේසිරි සර් කී දෙයක් සඳහන් කිරීම වටී යැයි සිතුනි. “ඕගොල්ලො ගොඩක් අය මට සුභ පැතුවනෙ අද උදේ ” සුභ අලුත් අවුරුද්දක් වේවා සර් කියලා”. ඕගොල්ලො සුභ පැතුවත් නැතත් මම මගෙ අවුරුද්ද සුභ කරගන්නවා. ” මදක් බරපතල ප්රකාශයක් ලෙස සිතුනත් මින් ගන්නට දෙයක් නොතිබෙනවා නොවේ. අපේ අවුරුද්ද සුභ කරගත යුත්තේ අපම මිස වෙන කවුරුන්ද?

අපි රැල්ලට මෙන් පැතුම් පතන්නට විවිධ ක්රම යොදා ගනිමු. ඒ සියල්ල බොහෝවිට කරන්නන් වාලේ කරන්නා විනා අනෙකාට යහපතක්ම වේවා යන අදහසින්ම කරන ඒවා නොවේ. සමහර විට නොකර බැරි කමට කරනවාද විය හැකියි.

කෙසේ වෙතත් යහපත් සබඳතා පවත්වාගෙන යාමට මෙම සුභ පැතුම් වලින් ඉටුවන මෙහෙය ඉමහත්ය. හිතේ තිබුනු අමනාපකමක් වී නම් හුදු සුභ පැතුමකින්ම යම් සෙතක් වීමටද ඉඩ තිබේ.

ඔබ සැමට දීමට අවශ්ය වූ පණිවිඩය තම අවුරුද්ද සුභ කරගත හැක්කේ තමන්ටම නිසා නව අවුරුද්ද සුභ කර ගැනීමට තමන්ම වෙහෙසෙන්න යන්නයි.

මේ නව අවුරුද්දේ ඔබ අප සැමගේ සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!Google+

This entry was posted by Sanjaya on April 13, 2010 at 9:18 pm, and is filed under සිංහල.
Follow any responses to this post through RSS 2.0.You can leave a response or trackback from your own site.

Didn't find any related posts :(

</document><?xml version="1.0" encoding="utf-8"?>
<document>

Thursday, September 6, 2012

යාලුවගෙ keyboard එක පිස්සු වට්ටමුද?

ඔන්න හතර වරං පලවෙනි post එක අරන් ආව. දිග post එකකට එන්න එක පාරට කම්මැලී වගේ. පොඩි fun post එකකින් පටන් ගම්මු.

මෙන්න මෙහෙමයි වැඩේ.

Notepad එකක් දිග ඇරගෙන පහල තියෙන code එක ඒකෙ copy paste කරගන්න.

Set wshShell = wscript.CreateObject("WScript.Shell")

do

wscript.sleep 100

wshshell.sendkeys "You are FOOL"

loop

2. දැන් File -> Save as ගිහින් මේක ඔයා කැමති නමක් දීල .VBS extension එකෙන් save කරගන්න. උදා: anyname.vbs

3. දැන් ඉතින් ඕක යාලුවට යවන්න. යවන්න කලින් ඔයාට ඕක executable file එකකට wrap කරල icon එක change කරල යවන්න පුලුවන්නම් වඩාත් සාර්ථකයි. ඒ ටික කරන හැටි ඉස්සරහට වෙන ලිපියකින් කියන්නම්. දැනට ඔහොම යවන්න.

යාලුව ඕක run කරපු ගමන් mouse pointer එක තියෙන හැම text area එකකම අපි දෙන "You Are FOOL" කියන message එක type වෙනව automatically. ඔයාට මේ message එක ඔයාට කැමති විදිහකට වෙනස් කරගන්න පුලුවන්.

හරි. ඔයාට ඕනෙම නම් මේක test කරල බලන්නත් පුලුවන්. හැබැයි වෙන වැදගත් වැඩක් කර කර හිටියනම් ඒව save කරගෙන close කරගෙන ඉන්න test කරන්න කලින්. ඊට පස්සෙ මේක run කරල බලන්න.

කොහොමද ඉතින් මේක නවත්තන්නෙ?

නවත්තන්න නම් ඔයා Windows Task Manager එක open කරගන්න.
Windows Task Manager එක open කරගන්න Ctrl+Shift+Esc keys එකවර press කරන්න. ඊටපස්සෙ Process tab එකට යන්න. එතනින් wscript.exe කියන process එක select කරල right click කරල එන menu එකෙන් End Process select කරන්න.

ඔය විදිහට නවත්ත ගන්න අමාරු නම් තව option එකක් තියෙනව. ඒ තමයි පරිඝණකය restart කරන එක.

ජය වේවා. යාලුවගෙන් ගුටි කන ඒවට මම නෑ ඕං.

Wednesday, September 5, 2012

හතර වරං

අෆොයි.. ඔන්න යන්තම් ආයෙත් ආව සිංහලෙන් Tips Tricks & Hacks අරගෙන. හැබැයි ටිකක් අලුත් මුහුණුවරකින් වෙනස් නමකින්. 2010 ඔක්තෝම්බර් 03 වෙනිද මට ආපු mail එකක් දැකල මට හීන් දාඩිය දැම්ම. :O

Hello, Your blog at http://tips-sinhala.blogspot.com/ has been reviewed and confirmed as in violation of our Terms of Service. :/